ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාස හතකට පසු ඊයේ (11) ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළ මුත් වෙනත් නඩු කටයුත්තකට අදාළව මෙම සැකකාර අමාත්‍යවරයා රක්ෂිත භාරයේ තවදුරටත් සිටින බැවින් ඇප තැන්පත් කළ ද ඔහු මුදා හැරිය නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කොට තිබේ.ඒ අනුව හිටපු අමාත්‍යවරයාට ඇප තැබීමෙන් පසු ද ඒ මහතාව නැවත ඔහු රැගෙන පැමිණි වෑන් රථයටම නංවාගෙන බන්ධනාගාරයට රැගෙන යනු දක්නට ලැබිණී.