ඇමති කම් නොගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දෙනවා

සර්වපාක්ෂික රජයක ඇමති ධුර භාර ගැනීමට තම පක්ෂය කිසිසේත් සුදානම් නොමැති වුව ද සර්වපාක්ෂික වැඩපිළිවෙලට සමගි ජනබලවේගයේ සහාය පළ කරන බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.විපක්ෂ නායක වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) හමුවු අවස්ථාවේ ඒ බව සදහන් කොට ඇත.විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවේදී කරුණු කිහිපයක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

කාලීන පුවත්