“ඇමති කියන්නේ බොරු!හෙට අපිත් වර්ජනයේ” ප්‍රවාහන වෘත්තීය සමිති කියයි

පොදු ප්‍රවාහන සේවා කාර්ය මණ්ඩල හෙට(28) පැවැත්වීමට නියමිත වර්ජනයට එක් නොවන බවට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුළු අසත්‍යයක් බව ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහු මීට පෙර ද මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ මඟින් ජනතාව අපහසුවට පත් කොට ඇතැයි ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.මේ අතර දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ මහතා පැවසුවේ තමන් සැලසුම් කළ එක්දින සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවකි.

කාලීන පුවත්