මෙම වසර ආරම්භයත් සමඟ සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙනුවට එක් එක් අමාත්‍යංශයට හිමි ආයතන වෙනසක් පමණක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.එළඹ ඇති තත්වය යටතේ ඇතැම් දේශපාලනඥයන් ගේ ඇමති ධුර අහිමි කිරීමත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඇමතිධුර වෙනස් කිරීමත් මත ඇති විය හැකි දේශපාලන ගැටළු අර්බුද පිළිබඳව රාජපක්ෂවරුන් අතර පැවැති විශේෂ සාකච්ජාවකින් පසුව මෙම නව තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.