ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ්රී ලංකාවට අදාල නෑ ඇමෙරිකාව රුසියානු බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක ශ්රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම කෙරෙහි කෙසේවත් බල නොපාන බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්රකාශ කරයි.ඇය මේ බව කියා සිටියේ ශ්රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුවත් කිරීම සදහා පැවති සාකච්ඡාවකදීය.ශ්රී ලංකාව ලෝකයේ සෙසු රටවල් සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන අතර එය ශ්රී ලංකා රජය ස්වාධීනව තීරණය කළ යුත්තක් බවඅමෙරිකානු තානාපතිවරිය ප්රකාශ තිබේ.රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සඳහා පමණක් බවත් තුන්වෙනි පාර්ශවයකට රුසියානු බොරතෙල් මිලදී ගන්නවා ද නැද්ද යන තීරණය එම රටවල කාර්යයක් බවත් ඊට අමෙරිකා එක්සත් ජනපදය කෙසේවත් අත පොවනුයේ නැති බවත් තානාපති ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.