ඇල්පිටිය ප්රාදේශීය සභාවේ මැතිවරණ ප්රතිඵලයම මහ මැතිවරණයේදී ලැබුණොත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණට හම්බන්තොට දිස්ත්රික්කයේ සියයට විසි එකක ඡන්ද ප්රතිශතයකට යෑමට හැකියාවක් පවතින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් අපේක්ෂක ඩී. වී. චානක මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ බෙලිඅත්ත සමුපකාර ශ්රවණාගාරයේ දී පැවැති පාක්ෂිකයන්ගේ හමුවක් අමතමිනි.එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීය.”ඇල්පිටිය ප්රාදේශීය සභාවේ මැතිවරණ ප්රතිඵලය දැක්කාම පෙනෙන දෙයක් තමා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මාලිමාව තමන්ගේ ඡන්ද ප්රතිශතය සියයට දෙකක් අඩු කරගෙන තිබීම. සමගි ජන බලවේගයth සියයට හයකින් තම ඡන්ද ප්රතිශතය අඩු කරගෙන තිබෙනවා. නමුත් පොහොට්ටුව පමණක් තුන් ගුණයකින් තමන්ගේ ඡන්ද ප්රතිශතය වැඩි කරගෙන තිබෙනවා. මේ ප්රතිඵලයම මහමැතිවරණයේදී ලැබුණොත් අපට හම්බන්තොට දිස්ත්රික්කයේ සියයට විසි එකක ඡන්ද ප්රතිශතයකට යෑමට හැකියාවක් තිබෙනවා.ඒ අනුව ඇල්පිටිය මැතිවරණයෙන් පෙනෙන්නේ පොහොට්ටුවේ අලුත් වැඩපිළිවෙළ ජනතාව පිළිගෙන තිබෙන බවයි. මහමැතිවරණයට තවත් සති තුනක පමණ කාලයක් තිබෙනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම ශ්රී ලංකා පොදු ජන පෙරමුණට සියයට විසි පහත් සියයට තිහත් අතර ඡන්ද ප්රතිශතයකට ලෙහෙසියෙන්ම යන්න හැකියාව තිබෙනවා.