ඉදිරියේදී බිත්තර හිඟයක්

ඉදිරි උත්සව සමයේදී බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හා සත්ව ආහාර හිගය මෙම තත්ත්වයට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

බිත්තර නිෂ්පාදකයින් සියයට 50 ක් පමණ මේ වන විට බිත්තර නිෂ්පාදනෙයන් ඉවත්ව ඇති බවත් සභාපතිවරයා පැවසීය.

කාලීන පුවත්