ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක්?

වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා තවදුරටත් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සැළසුම් කරමින් හිඳින බව වාර්තාවෙයි.ආණ්ඩුව ජන මතයට කන් නොදෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.මේ අතර ජාතික ජනබලවේග මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.කෙසේ හෝ මෙම කරුණ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර මූලික සාකච්ඡා ඇරඹීමට නියමිතය.

කාලීන පුවත්