ඉදිරියේදී ශ්‍රී ලංකා දේශපාලනයේ වම දකුණ වශයෙන් කණ්ඩායම් දෙක බෙදෙනු ඇති බවත් ඉන් දක්ෂිණාංශික කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිවන දක්ෂිණාංශික කණ්ඩායම බවත් අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායම වාමාංශික කණ්ඩායම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පැවැසීය.ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත අතර සමගි ජනබලවේගයේ පිරිසක් ද එජාපයට එක්වෙනු ඇති බවත් එවිට සජිත් ප්‍රේමදාස මහතාට තනි වීමට හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.