ඉදිරි ජනපතිවරණයේ දී මගේ සහාය රනිල්ටයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.තමන් එවැනි තීරණයක් ගත්තේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම නායකයකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ එම අභියෝගය භාර ගෙන මේ දක්වා සාර්ථකව අපේ රට යම් ස්ථාවරත්වයකට පත් කර ගැතීමට අවශ්‍ය නායකත්වය ලබා දි තිබෙන නිසා යැයි ද තෙන්නකෝන් මහතා කියයි.එමෙන්ම මෙම මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මිස තමන් නියෝජනය කරන පක්ෂයේ තීරණයක් නොවන බව ද හෙතෙම කියයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (15) පැවති මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හමුවේ අදහස් දක්වමිනි.

කාලීන පුවත්