ලබන සඳුදා(7) පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඔහු මේ බව ප්රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනි දා මුළු දිවයිනටම බල පෑ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා අද බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්රයට පැමිණි අවස්ථාවේදි යි.නමුදු පසුගිය 28 වන දා සූම් තාක්ෂණය ඔස්සේ සිදු කළ කැබිනට් රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් විදුලි කප්පාදුව අවසන් කිරීමට කඩිනම් ක්රියා මාර්ග ගත යුතු බව කියා සිටි අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ලබන 05 වන ද සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩ ව විදුලිය සැපයීමට හැකියාවක් පවතින බවකි.