ඉන්දියානු යූරියා පොහොර ලැබීම ගැන සැකයක්

මෙම යල කන්නය සඳහා ඉන්දියාවෙන් ලැබීමට නියමිත යූරියා පොහොර සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් උදා වී ඇති බව ගොවි ජන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.යුක්රේන අර්බුදය හේතුවෙන් ලොවපුරා පොහොර හිගයක් පැවතීම ද මීට හේතු වී ඇතැයි පැවසෙයි.නමුත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසනුයේ ඉන්දියාවෙන් පොහොර ගෙන්වා ගැනීමට අගමැතිවරයාගේ මැදිහත්විම අත්‍යවශ්‍ය බවකි. මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරනුයේ මේ වන විට මෙවර යල කන්නයේ අස්වැද්දීමට අපේක්ෂිත කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහෙන් දෙලක්ෂ හැට එක් දහසක් අස්වද්දා අවසන් බවය.තවත් හෙක්ටයාර් ලක්ෂයක පමණ බිම් සකසා අවසන් බව ද ඔහු කියයි.

කාලීන පුවත්