තෙවැනි වරටත් තේරී පත් වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උග්‍ර ජාතිවාදී සහ ආගම්වාදී තැනක හිඳිමින් රට පාලනය කරන බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කාරණයකි. අප නරඹන ඇතැම් ඉන්දීය සිනමා පටවලින් ද මේ තත්ත්වය අඩුවැඩි වශයෙන් පෙනෙන්නට තිබේ. මේ නිසා ඉන්දියානුවන්ගෙන් බහුතරයක් ජාතිවාදී සහ ආගම්වාදී තැනක සිටින බවට පූර්ව නිගමනයක් නිතැතින්ම ඇතිවේ. මේ නිගමනයම ඉන්දීය අගමැති මෝදිට ද තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. තෙවැනි වරටත් අගමැති ලෙස තේරී පත්වන්නට සූදානම් වීමේදී මේ නිලවලට සියුම්ව පහර එල්ලකිරීමෙන් තම ගොඩට හින්දු ජන්ද බහුතරයක් ලබා ගත හැකි වෙතැයි මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂය සිතන්නට ඇත. රාම දෙවිඳුන් වෙනුවෙන් අයෝධ්‍යාවේ අක්කර හතක පමණ භූමිභාගයක මහා රාම මන්දිරයක් ඉදිකරමින් තමා රාම දෙවිඳුන්ගේ බලය පතුරුවන බව ද සඳහන් කළේය. රාමායනයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවතින විවිධ ස්ථාන නැරඹීම සඳහා ‘රාමායන ට්‍රැවල්ස්’ නමින් වැඩසටහනක් ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව දියත් කරනු ලැබිණි. මේ සියල්ල තුළින් මෝදි අපේක්ෂා කරන්නේ රාම දෙවිඳුන්ගේ බලය ව්‍යාප්ත කිරීමය. මෙය තවත් ආකාරයකින් බැලුවහොත් එතැනින් මතු වී ඇත්තේ අනෙකක් නොව ඉන්දීය ව්‍යාප්තවාදය ය. ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේම ප්‍රාන්තයක් වැනි කාරණයක් ද ඔහු විසින් එක් අවස්ථානක දී පවසනු ලැබිණි.
මෙවර ලෝක් සභා මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ආසන 543 න් 355 – 380 අතර ප්‍රමාණයක් තනි පක්ෂයක් ලෙස හිමි කර ගනු ඇතැයි පුරෝකථනය කොට තිබුණි. එවැනි ජයග්රහනයක් ඉන්දියාව කණපිට හරවන්නට තරම් ප්‍රමාණවත් බව ද දේශපාලන විශ්ලේෂකයන් පවසා තිබිණි. එවැනි පුරෝකථන සිදුකරන්නට හේතුව වූයේ ද බහුතර හින්දූන් වෙසෙන ඉන්දියාව තුළ මෝදි පවත්වාගෙන ගිය ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රතිපත්තිය ය. නමුත් මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට තනිව හිමි කර ගත හැකි වූයේ ආසන 240 ක් පමණි. නමුත් ඔවුන් 2019 වසරේ දී ආසන 303 ක් හිමි කරගෙන තිබිණි. රජයක් පිහිටුවන්නට නම් අඩුම තරමේ ආසන 272ක් ලබා ගත යුතුවේ. මේ අනුව 2019 වසරේ දී භාරතීය ජනතා පක්ෂය තනිව රජයක් පිහිටුවන්නට හැකියාව ලබා ගත්ත ද මෙවර එම හැකියාව ඔවුන්ට අහිමිව තිබුණි. මෝදිට රජයක් පිහිටුවන්නට හැකියාව ලැබී තිබුනේ භාරතීය ජනතා පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව සිටි බැවින්, සන්ධානයක් ලෙස ඔවුන්ට ආසන 293 ක් හිමි කර ගැනීමට හැකි වූ නිසාය. මේ අනුව මෝදිට 2019 ඡන්දයෙන් ලැබුණු තරම් බලයක් මෙවර ලැබී නැත. සන්ධාන පක්ෂවල කේවල් කිරීම්වලට යටත් වන්නට ද සිදුවනු ඇත. මෙයින් මතුවන වැදගත් කාරණය නම් මෝදිගේ ජාතිවාදී සහ ආගම්වාදී, ව්‍යාප්තවාදී අදහස් බහුරතයක් අතින් ප්‍රතික්ෂේප වෙමින් පවතින බව නොවේද?
විශේෂිතම කාරණය වන්නේ හින්දු ආගමිකයන්ගේ රාම දෙවිඳුන් වෙනුවෙන් මහා රාම මන්දිරයක් ගොඩ නැගූ අයෝධ්‍යාව පිහිටි උත්තර් ප්‍රදේශ් දිනා ගැනීමට ද මෝදිට නොහැකි වීමය. මෝදි සිතන්නට ඇත්තේ හින්දූන් වෙනුවෙන් මේ සා දැවැන්ත වියදමක් දරා අයෝධ්‍යාවේ ෆයිසාබාද්වල රාම මන්දිරයක් ගොඩ නගා, එය ඉන්දියාවේ ‘වතිකාන නගරය’ බවට පත්කිරීම තුළින් බහුතර හින්දූන් සතුටට පත් වී දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් භාරතීය ජනතා පක්ෂයට ලබා දෙනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂිතම කාරණය වන්නේ හින්දු ආගමිකයන්ගේ රාම දෙවිඳුන් වෙනුවෙන් මහා රාම මන්දිරයක් ගොඩ නැගූ අයෝධ්‍යාව පිහිටි උත්තර් ප්‍රදේශ් දිනා ගැනීමට ද මෝදිට නොහැකි වීමය. මෝදි සිතන්නට ඇත්තේ හින්දූන් වෙනුවෙන් මේ සා දැවැන්ත වියදමක් දරා අයෝධ්‍යාවේ ෆයිසාබාද්වල රාම මන්දිරයක් ගොඩ නගා, එය ඉන්දියාවේ ‘වතිකාන නගරය’ බවට පත්කිරීම තුළින් බහුතර හින්දූන් සතුටට පත් වී දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් භාරතීය ජනතා පක්ෂයට ලබා දෙනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. රාම මන්දිරයක් ගොඩනැගීම නිසා හින්දු ජනතාව සතුටුවනවාට වඩා කලකිරෙන සිදුවීම් බොහොමයක් සිදුවීම මෙයට බොහෝ දුරට බලපා තිබිණි.
මේ රාම මන්දිරය ගොඩ නගා ඇත්තේ බබ්රි නමින් ප්රකටව පැවති මෝගල් අධිරාජ්‍යයට අයත් පැරණි ඉස්ලාම් දේවස්ථානයක් පිහිටි භූමියක් මතය. අක්කර හතකටත් වඩා වැඩි භූමි භාගයක් තුළ දැවැන්ත රාම මන්දිරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දී ඒ අවට සිටි දිළිඳු පවුල් බොහොමයකගේ නිවාස ඉවත් කරන්නට සිදු වූ අතර ඒවාට සරිලන තරම් වන්දි ගෙවීමක් සිදු වූයේ නැත. ඇතැම් පවුල්වලට තවමත් කිසිදු වන්දියක් ලැබී නොමැති අතර බොහෝ දෙනෙක් රාම මන්දිරය නාමයෙන් නිවාස අහිමිව මහමගට වැටී සිටිති. එමෙන්ම ඉන්දියාවේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින බොහොමයකට සහනයක් සිදුකරන්නට ද මෝදිගේ රජය සමත්වූයේ නැත. එවන් තත්ත්වයක් තුළ සිට ජනතාව මෝදිට කැමැත්ත පළකරනු ඇතැයි සිතන්නේ නම් එය ඇදහිය නොහැකි දෙයකි. ජම්මු – කාශ්මීර්වල හින්දූන්ට ද සම අයිතිය ලැබෙන පරිදි ව්‍යාවස්ථා වෙනස් කිරීමක් සිදු කළ ද එයින් ද මෝදිය සැලකිය යුතු තරමේ වාසියක් සිදුවූයේ නැත.
මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ බහුතර ඉන්දියානුවන් ජාතිවාදය, ආගම්වාදය, ව්‍යාප්තවාදය ප්‍රතික්ෂේප කරන බවය. මෙවර සන්ධානගත රජයක් තුළින් මෝදිට තමා කැමති ආකාරයෙන් තීරණ ගනිමින් රට පාලනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. ජනතාවගේ සැබෑ ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් මිස ඔවුන් තුළ වර්ගවාදී, ආගම්වාදී අදහස් ව්‍යාප්ත කිරීමෙන් ස්ථිරසාර ජයග්‍රහණයක් කිසිදු දේශපාලන පක්ෂයකට හිමි කර ගත නොහැකි බව මෙවර ඉන්දීය ලෝක සභා මැතිවරණය කදිම නිදසුනක් සපයයි.
මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ බහුතර ඉන්දියානුවන් ජාතිවාදය, ආගම්වාදය, ව්‍යාප්තවාදය ප්‍රතික්ෂේප කරන බවය. මෙවර සන්ධානගත රජයක් තුළින් මෝදිට තමා කැමති ආකාරයෙන් තීරණ ගනිමින් රට පාලනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. ජනතාවගේ සැබෑ ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් මිස ඔවුන් තුළ වර්ගවාදී, ආගම්වාදී අදහස් ව්‍යාප්ත කිරීමෙන් ස්ථිරසාර ජයග්‍රහණයක් කිසිදු දේශපාලන පක්ෂයකට හිමි කර ගත නොහැකි බව මෙවර ඉන්දීය ලෝක සභා මැතිවරණය කදිම නිදසුනක් සපයයි. මේ සියල්ල තුළින් ලැබෙන පණිවිඩය වන්නේ දකුණු ආසියානු රටවල් අගාධයට ඇද දමන මේ අන්තවාදී අදහස් තුරන් කොට සැබෑ ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී මාවතට පිවිසිය යුතු බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක