මේ වන විට රට තුළ පවතින සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 70000 ක් ආනයනයට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (22) ඒ මහතා මේ බව පැවසීය. කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස මෙම පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පළමු අදියර යටතේ ආනයනය කරන බවත් ඇමැතිවරයා පැවසීය.උත්සව සමයේ පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහල් සැපයීමේ අරමුණෙන් මේ පියවර ගත් බවද ඔහු පැවසීය.වෙළෙඳපොළේ සහල් හිඟයක් මෙන්ම මිල පිළිබඳ ප්‍රශ්නයක්ද පවතින බවත් කී ඇමැතිවරයා, පසුගිය කාලයේ නාඩු සහල් නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට සිදු වුවත් ඒවා වෙළෙඳපොළට පැමිණ නැති බවද කියා සිටියේ ය.