ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් දකුණු ආසියානු කලාපය තුළ වෙනත් පාර්ශ්වයකට කිසිදු බලපෑමක් ඇති කරන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේ දී සහතික කොට ප්‍රකාශ කර සිටි බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ චීනය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කොට නොමැති අතර මේ කලාපය තුළ ඉන්දියාව සහ චීනය අතර පවතින උපායමාර්ගික තරගය තුළ මේ සංචාරය ඉතා වැදගත් කාරණයක් බව බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල මතය වී තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනපති පදවියට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්ගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. The Hindu” The New Indian Express සහ The Federal වැනි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය මේ සංචාරය ඉතා පුළුල් ලෙස ආවරණය කළ අතර එතුළින් එම සංචාරයෙහි ඇති රාජ්‍ය තාන්ත්‍රීය සහ භූ දේශපාලනමය යථාර්ථය මොනවට පැහැදිලි වෙයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනපති පදවියට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්ගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. The Hindu” The New Indian Express සහ The Federal වැනි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය මේ සංචාරය ඉතා පුළුල් ලෙස ආවරණය කළ අතර එතුළින් එම සංචාරයෙහි ඇති රාජ්‍ය තාන්ත්‍රීය සහ භූ දේශපාලනමය යථාර්ථය මොනවට පැහැදිලි වෙයි.
ජනපති අනුර කුමාර දිසානායක සිය මුල්ම ජාත්‍යන්තර ගමනාන්තය ලෙස ඉන්දියාව තෝරා ගැනීම තුළින් සංකේතවත් වන කාරණා ඉන්දීය මාධ්‍ය බෙහෙවින් ඉස්මතු කොට දක්වා ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ අතරින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ සෑම රාජ්‍ය නායකයකුම සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමේ සම්ප්රදාය නව ජනපතිවරයා විසින් ද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවය. අනුර කුමාර දිසානායකගේ මාක්ස්වාදී සහ චීනය කෙරෙහි ඇති දැඩි මිත්‍රශීලී පිළිවෙත කෙරෙහි ප්‍රමුඛස්ථානය දෙනු වෙනුවට කලාපයේ පවතින ප්‍රධානතම මිතුරා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව මෙමගින් ඇඟවෙන්නේ යැයි ඉන්දීය මාධ්‍ය විශේෂයෙන් සඳහන් කරයි. The Federal වැනි මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර සිටින්නේ දේශපාලනමය වශයෙන් දැඩි දාෂ්ටිවාදී වෙනස්කම් කොතෙකුත් පැවතිය ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වූ ද්විපාර්ශ්වීය සබඳතා මෙමගින් තව තවත් ශක්තිමත් වනු ඇති බවය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය රජය අතර සුවිශේෂී කාරණා හතරක් පිළිබඳ සාකච්ඡා වූ බව BBC පුවත් සේවය වාර්තා කොට තිබිණි. ද්‍රව ස්වාභාවික වායුව (LNG) ශ්‍රී ලංකාවට සැපයීම සඳහා වසර 5ක ගිවිසුමක් අත්සන් කිරීම, දෙරටේ විදුලිබල පද්ධති එකිනෙක සම්බන්ධ කිරීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් පෙට්රෝල් නල පද්ධතියක් ඇති කිරීම, දෙරටේම හවුල්කාරීත්වයෙන් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ බව වාර්තා විය.
මේ සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය රජය අතර සුවිශේෂී කාරණා හතරක් පිළිබඳ සාකච්ඡා වූ බව BBC පුවත් සේවය වාර්තා කොට තිබිණි. ද්‍රව ස්වාභාවික වායුව (LNG) ශ්‍රී ලංකාවට සැපයීම සඳහා වසර 5ක ගිවිසුමක් අත්සන් කිරීම, දෙරටේ විදුලිබල පද්ධති එකිනෙක සම්බන්ධ කිරීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් පෙට්රෝල් නල පද්ධතියක් ඇති කිරීම, දෙරටේම හවුල්කාරීත්වයෙන් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ බව වාර්තා විය. එමෙන්ම ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවන් ද පැවැත්වූ බව පැවසේ.
ආර්ථික යැපීම් පිළිබඳවද ඉන්දීය මාධ්‍ය විශේෂයෙන් කතා කරනු දකින්නට හැකි විය. ශ්‍රී ලංකාවට මූල්‍ය සහ යටිතල පහසුකම් ඉන්දියාවෙන් ද සපයනු ලබන අතරේ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික වශයෙන්ම දැවැන්තම ණය මුදල් සපයන්නාගේ භූමිකාව කරගෙන යනු ලබන්නේ චීනය විසිනි. The New Indian Express වැනි මාධ්‍ය විශේෂ කොට දක්වා සිටින්නේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සමග කරට කර සිටින සේ ඉන්දියාව ද උපක්‍රමශීලිව ශ්‍රී ලංකාව තුළ එවැනි ආයෝජන සිදු කරමින් චීනයේ බලපෑම සමබර කරන්නට මේ සංචාරය බෙහෙවින් ඉවහල් වන බවය.
ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය මුල් කර ගනිමින් මාධ්‍ය කිහිපයක්ම ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය පිළිබඳ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ප්රවේශයකින් සලකා බැලීම කළ යුතු බව පෙන්වා දෙයි. The Hindu පුවත්පත පෙන්වා දෙන්නේ දෙමළ බහුතරය වෙසෙන ප්‍රදේශවල බලය හිමි කර ගැනීමට අනුර කුමාර දිසානායකගේ රජයට හැකියාව ලැබුණු බවත් එය සිංහලයන් බහුතරයක් සිටින පරිපාලනයක් කලාතුරකින් ලද ජයග්‍රහණයක් ද බවය. මේ නිසා දෙමළ ගැටලුව රටවල් දෙකටම වඩාත් සංවේදීව විසඳා ගැනීමට මේ තත්ත්වය තුළින් යහපත් වාතාවරණයක් ඇති වනු ඇති බවත් එය අවධාරණය කර සිටියි.
The Federal පුවත්පතේ විශ්ලේෂකයන් පවසන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික වශයෙන් ඉන්දීය විරෝධී ස්ථාවරයක් ගත් දේශපාලන ව්‍යාපාරයක් වුව ද ජනපතිවරයා මේ වන විට වඩාත් ප්‍රායෝගික මාර්ගයට එළැඹී ඇති බවය. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා ජනපතිවරයාගේ පරිපාලනය ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව මේ සංචාරය තුළින් පැහැදිලි වන බවත්, සිය දැඩි දේශපාලන දෘෂ්ටිවාදයේ යම් වෙනසක් එමගින් අඟවන බව ද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉන්දියාවේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් ඉන්දු – පැසිෆික් කලාපය සම්බන්ධව ඒකාබද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට මේ සංචාරය දැඩි සේ ඉවහල් වනු ඇති බව බොහෝ ඉන්දීය මාධ්‍ය පවසයි. එමගින් මේ කලාපය තුළ පවතින චීන බලපෑම සමබර කිරීමට හොඳ හැකියාවක් ලැබෙනු ඇති බව ද බොහෝ මාධ්‍ය පෙන්වා දෙයි.
යම් ප්රගතිශීලි ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකාව කෙරෙහි සිය බලපෑම පවත්වා ගැනීම ඉන්දියාවට ඉමහත් අභියෝගාත්මක කාරණයකි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2025 වසරේ ආරම්භයේදීම චීනයේ සංචාරය කරන්නට සැලසුම් සකස් කොට තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාව සමග මෙන්ම චීනය සමග ද එක හා සමාන සබඳතාවක් පවත්වාගෙන යන්නට එමගින් අපේක්ෂා කරනු ඇති බවත්, එය ඉන්දියාව පැත්තෙන් යම් කිසි අවාසි සහගත තත්ත්වයක් ඇති කරන්නට ඉඩ ඇති බවටත් ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට උතුරින් බහුතර ඡන්ද සංඛ්‍යාවක් අත්පත් කරගන්නට හැකියාව ලැබුණු නිසාත්, දෙමළ ජනතාවගේ ගැටලුව ඉන්දියාවට ද බලපෑම් කරන්නක් වන නිසාත්, රටවල් දෙකෙහි සබඳතාව කෙරෙහි දෙමළ ජනතාවගේ ගැටලුව තීරණාත්මක සාධකයක් විය හැකි බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට උතුරින් බහුතර ඡන්ද සංඛ්‍යාවක් අත්පත් කරගන්නට හැකියාව ලැබුණු නිසාත්, දෙමළ ජනතාවගේ ගැටලුව ඉන්දියාවට ද බලපෑම් කරන්නක් වන නිසාත්, රටවල් දෙකෙහි සබඳතාව කෙරෙහි දෙමළ ජනතාවගේ ගැටලුව තීරණාත්මක සාධකයක් විය හැකි බව ද ඉන්දීය මාධ්‍ය පවසයි. දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාව කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකි නමුත් මේ සංචාරය තුළින් ඇති වූ මිත්‍රශීලි ස්වභාවය නිසා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ගරු කරමින් එම තත්ත්වය පවත්වා ගැනීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇති බව එරට මාධ්‍ය සඳහන් කොට තිබිණි.
සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළින් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරවන්නට හේතු වූ බව සියලු ජාත්‍යන්තර මාධ්‍ය පොදු අදහසක් ලෙස ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම මේ සංචාරය දකුණු ආසියානු භූ දේශපාලනයේ අනාගතය හැඩගස්වා ගත හැකි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයකට අඩිතාලම දමමින් දෙරටේම නායකයින් දෙපළ වඩාත් ප්‍රායෝගික මාර්ගයට අවතීර්ණ වෙමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක