අද(20)ට යෙදී ඇති වප් පුර පෝදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් (කුසිනාරා) ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් විවෘත කෙරේ.
කුසිනාරාව බුදුන් පිරිනිවන් පෑ ස්ථානය වන කුසිනාරා නුවර ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර වන නගරයකි.
ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය විසින් මෙහෙයුම් කටයුතු කරන කුෂිනගර් ගුවන් තොටුපල ඉන්දීය රජයේ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මඟින් පාලනය කෙරේ.
එහි පළමු අමුත්තන් ලෙස මෙරටින් බෞද්ධ දූත පිරිසක් අද කුෂිනගර් ගුවන් තොටුපලට පළමුව ගොඩ බැස්වීමට නියමිතයි.