ඉන්දීය බිත්තර ගැන දැනුම්දීමක්

ඉන්දියාවෙන් ආනයන කර ඇති බිත්තර ශීත ගබඩාවෙන් පිටතට ගෙන සාමන්‍ය පරිසරයේ තබා අලෙවි කරන්නේ නම් එම බිත්තර තබා ගත හැකි උපරිම කාලය දින 3ක් බව වාර්තා වෙයි.

මේ බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

ඒ අනුව අදාළ බිත්තර ගෙන යන පාරිභෝගිකයන් ද එම බිත්තර දින 3 ක් ඇතුලත පරිභෝජනය කිරීම අනිවාර්යය බව සභාපතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් එම බිත්තර සෙන්ටිග්‍රේට් අංශක 2-5 අතර අගයක ශීත ගබඩාවක මාස 3 ක කාලයක් තබා ගත හැකි බව සඳහන් වෙයි.

කාලීන පුවත්