ඉන්ධන සපයා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීන් අටකට සම්බන්ධ කාර්ය මණ්ඩල හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසයි.සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවාවේ අනෙකුත් නිලධාරීන්ට සේවයට වාර්තා කිරීම සඳහා අඛණ්ඩ ඉන්ධන සපයා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.සිය ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණ හොත් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්.පරිපූරක වෛද්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීය සංගම් සහ හෙද සේවාවේ වෘත්තීය සංගම් ද ලබන සඳුදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙන බවද ඔහු කියයි.ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගම්, ECG සහ EEG නිලධාරීන්ගේ සංගම්, වෛද්‍ය රසායනාගාර, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගම්, කීට විද්‍යා නිලධාරීන්ගේ සංගම්, දන්ත කාර්මිකයින්ගේ සංගමය, දන්ත චිකිත්සක සංගමය, ඖෂධ සංයෝජකයින්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වීමට නියමිතය.