ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක ගැටෙයි

මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

ඒ, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිය මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වනඅලි රංචුවක් ගැටී අනතුරක් සිදුවීම හේතුවෙන්.

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ අද (18) අලුයම 3.30ට පමණ සිදු වූ මෙම අනතුරින් අලීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

තවත් සත්ත්වයින් තුවාල ලබා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලීන පුවත්