ඉන්ධන මිල යළි පහත වැටෙනු ඇතැයි යන බිය නිසා පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට රථ වාහන පෝලිම් ඇති වීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.අමාත්‍යවරයා පවසන්නේ ඉන්ධන මිල පහළ දමන්නේ යැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි.එමෙන්ම එම තත්වය යටතේ පිරවුම් හල් වල තිබූ ඉන්ධන තොග ද ඉක්මනින් නිමා වූ බව ඉන්ධන පිරවුම්හල් ආරංචි මාර්හ සඳහන් කරයි.