ඉන්ධන මිලට සාපේක්ෂව විදුලි බිල 20%කින් අඩු කරන්න පුළුවන්

ඉන්ධන මිල පහත දැමීමට සාපේක්ෂව මේ වන විට විදුලි ගාස්තුව ද සියයට විස්සකින් පහත හෙළිය හැකි බැවින් ගල් අඟුරු මිල සහ ඩොලරයේ අගය පහත වැටීම හේතු කොට එම වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබේ.මේ අතර ශ්‍රී ලාංකික ජනතාව අතුරින් වැඩි කොටසකගේ ගෘහ ආර්ථික කළමණාකරණයට දැඩි බලපෑමක් එල්ල කරමින් විදුලි බල මණ්ඩලය අසීමිත ලෙස වැඩි කළ බිලට සිංහල අලුත් අවුරුද්දට වත් යම් සහනයක් ලැබේ යැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

කාලීන පුවත්