ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව නව මිල ගණන් මෙසේ ය.ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 332ක් ව පැවැති අතර එහි මිල රුපියල් 21කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 311කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 307ක්ව පැවැති අතර එහි මිල රුපියල් 24කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 283කි. ලංකා සුපිරි ඩීසල් රුපියල් 352ක්ව පැවැති අතර එහි මිල රුපියල් 33කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 319කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 202ක්ව පැවැති අතර එහි මිල රුපියල් 19කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 183කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 377ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී.

කාලීන පුවත්