ඉන්ධන මිල වැඩි නොකෙරේ

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගොස් ඇතත් වර්තමානයේ ජනතාව පත්ව සිටින තත්වය සලකා බලා ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඒ ජනාධිපතිවරයා විසින් ඊයේ(22) පස්වරුවේ කැඳවනු ලැබූ බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවය. ඒ අතර විදුලි බල මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80 ක ණය පියවීමට ද මුදල් අමාත්‍යාංශය එකඟ වූ බව මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්