ඉන්ධන විදුලිය ගැටළු නිමයි

මින් පසු ඉන්ධන හෝ විදුලිය ගැටළු ඇති වෙතැයි ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් යළිත් එම ගැටළු ඇති නොවීමට රජය සියළු කටයුතු සම්පාදනය කොට ඇති බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඇතැම් කණ්ඩායම් රට තුළ දේශපාලනමය අස්ථාවර බවක් ඇති කිරීම පිණිස විවිධාකාර ප්‍රයෝග යොදන බව කී ඇමති වරයා වැඩිදුරටත් පවසනුයේ රජය කිසි ලෙසකින්වත් ජනතා විශ්වාසය පළුදු නොකරන බවකි.එබැවින් කටකතා වලට රැවටී අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කිරීමට උත්සාහ දැරිය යුතු නැතැයි ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්