ඉන්ධන හල් වලට ඩීසල් බෙදීමේ පමාවක්

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල් තොග නිසි පරිදි නොලැබීම මත ජනතාව අපහසුතාවට පත් ව හිඳින බව වාර්තා වෙයි.ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනුයේ ඔටෝ ඩීසල් නිසි වේලාවට නොලැබීම මත මෙම බෙදාහැරීමේ ප්‍රමාදය හටගෙන ඇති බවකි.ඒ හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම් හල් වලට ඉන්ධන බෙදා හැරීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද එම සංගමය කියයි.නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් බෙදාහැරීමේ ප්‍රමාදය අද සිට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවකි.

කාලීන පුවත්