මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය රෝගයක් පිළිබඳව වාර්තා වෙයි.උණ කැස්ස ඇගපත වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව ආදී ලක්ෂණ සහිත මෙම රෝගය කොළඹ හා ඒ අවට ප්‍රදේශවල දරුවන් හා වැඩිහිටියන් අතර පැතිර යාමේ වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියයි. වෛරසය ආසාදනයවු දරුවන් නිවසේ රඳවාගෙන නියමිත මාත්‍රාවට පැරසිටමෝල් දෙන්නැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ට දැනුම් දෙයි. ස්වභාවික දියර ආහාර හා විවේකය ලබා ගැනීමෙන් කඩිනම් සුවය ලැබිය හැකි අතර දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා අතර ප්‍රසිද්ධ ස්ථානවල මුවආවරණ පැළදීම රෝගයෙන් වැළකීමට මාර්ගය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.