ඉරාකයේ කාන්තා විවාහ වීමේ වයස් සීමාව අවුරුදු නවය තෙක් පහළට

මෙතෙක් වයස අවුරුදු 18ක් ලෙස පැවති කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබේ.ඒ අනුව, ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.කෙසේ වෙතත් පාර්ශ්ව රැසක් මේ සඳහා විරෝධය පළ කර ඇති අතර මෙම පනත සම්මත වුවහොත් ගැටලු රැසක් මතුවන බව කාන්තා සංවිධාන පෙන්වාදී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්