ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතුවූ ඉල් පුර පසලොස්වක පොහොය අදට(18) යෙදී තිබේ.
පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්රචාරය ඇරඹීම , බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක ය.
අග්රශ්රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම හා මෛත්රී බෝසතුන් නියත විවරණ ලැබීම ද ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වශයෙන් සිදුවු වැදගත් සිදුවීම් ය.
කථින චීවර පූජාව අවසන් වන්නේද අද දිනයෙන් ය.