කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද( 21 ) නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව මධ්‍යම පළාත සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තරමක තද වැසි ඇතිවිය හැක . මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්හි තැනින් තැන වැසි ඇති වීමට ඉඩ තිබේ.බස්නාහිර ,මධ්‍යම, සබරගමුව, සහ ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුනෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනය කරන.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ,මෙම උනුසුම් කාරී තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය සිදුකළ යුතු බවකි.