ඊශ්‍රායලය අනුලා රත්නායක වීරවරියක් සේ නම් කරයි

තම දිවි පරදුවට තබා තමන් සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කළ නිවෙස් හිමි කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ අනුලා රත්නායක මහත්මිය වීරවරියක් සේ නම් කිරීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන තිබේ.එම නිවෙසේ සිටි වයෝවෘද්ධ කාන්තාවක් වන එටී මොරාඩෝ මහත්මිය කාමරයක ඇඳක් යට සඟවා ඇයගේ ජීවිතය බේරා ගැනීමට අනුලා රත්නායක මහත්මිය පියවර ගෙන තිබෙන අතර, ඊට පෙර අවට සිදු වන්නේ කුමක්දැයි විපරම් කිරීම සඳහා නිවෙසින් එළියට පැමිණෙන විට හමාස් සටන්කාමීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සනාථ වී තිබේ.එලෙස අනුලා රත්නායක මහත්මිය ක්‍රියා කළ ආකාරයෙන් ඊශ්‍රායලය තුළ නිර්භීතව කටයුතු කළ විදෙස් ජාතිකයන්ගේ තොරතුරු මේ වන විට එක්රැස් කිරීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන් තානාපතිවරයා තවත් එවැනිම ශ්‍රී ලාංකිකයෙකු දින තුනක කාලයක් බංකරයක රඳවාගෙන ඊශ්‍රායල් ජාතිකයෙකු බේරා ගැනීමට කටයුතු කර තිබෙන බව ද ඉන්දියාවේ කේරළයේ පුද්ගලයන් දෙදෙනෙකුද එවැනි නිර්භීතව අයුරින් ක්‍රියා කර තිබෙන බවද පැවසෙයි. නිර්භීතව ලෙස ඉදිරිපත් වී තමන් සේවය කළ නිවෙසේ කාන්තාවගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ අනුලා රත්නායක මහත්මියට ගෞරව කිරීමක් ලෙස ඇයගේ මෘත දේහයට ඊශ්‍රායල් ධජය යොදා ගැනීම සඳහා එරට රජය අවසර ලබාදී තිබෙන බව සිහිපත් කළ නිමල් බණ්ඩාර මහතා ඉදිරියේ දී ඊශ්‍රායල් රජය මෙවැනි නිර්භීතව අය වෙනුවෙන් කිසියම් ඇගැයීමක් සිදු කරනු ඇතැයි ද සදහන් කළේය.

කාලීන පුවත්