ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙන නිසා බවවාර්තා වෙයි.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව හිස්බුල්ල සංවිධානය ප්‍රකාශ කළ බවයි සඳහන් වෙයි.

හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලයද අඛණ්ඩව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

කාලීන පුවත්