ඊළඟ මැතිවරණයකදී පොපෙ එජාප සන්ධාන ගත විය යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ සාධනීය ලක්ෂණ පවතින බැවින් එළැෙඹන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සන්ධානගතව තරග කළ යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර තිබේ.ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත.ඒ අනුව පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට මෙම කරුණු දැන්විය යුතු බවට ද ඔවුන් එකඟත්වයකට පත්ව තිබේ.එමෙන්ම පියාගෙන් පුතාට යන රාජ්‍ය පාලනය සහ පවුලේ සාටක දේශපානය නූතන තරුණ පරපුර විසින් උපහාසයෙන් බැහැර කරන යුගයක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තව දුරටත් පවුලක බූදලයක් බවට පත් කිරීම මහත් අනුවණ කමක් බව ද එම මන්ත්‍රී වරු ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්