උගන්ඩාවේ ඇතැයි කී මගේ සල්ලි මෙරටට ගෙනෙන තුරුම ආණ්ඩුව පස්සේ පන්නනවා

උගන්ඩාවේ ඇතැයි ආණ්ඩුව කී තමන්ගේ සල්ලි මෙරටට ගෙනෙන තුරු තමන් ආණ්ඩුව පස්සේ පන්නන බව බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසන්නේ ඒවා ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු බැවින් ඒවා ඉටු කරන තුරු ආණ්ඩුව පිටුපස පන්නන බවයි.ආණ්ඩුව මේ වන විට හොරු අල්ලන පනතක් ද සම්මත කරගෙන ඇති බවත් උගන්ඩාවේ ඇතැයි කී නාමල් රාජපක්ෂ මහතා එමඟින් හෝ උගන්ඩාවේ සඟවා ඇති බව කියන තමන්ගේ සල්ලි ගෙනෙන තුරු ආණ්ඩුව පස්සේ යන බවත් බවත් මින් පසු කිහිප දෙනකු හිරේ යවා ජනතාවට තවත් බොරු කියමින් කල් ගත කිරීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්