හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්රී තැපැල් දුම්රිය හපුතලේ දක්වා පැමිණ නතර කර ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්රමාද වී ධාවනය කිරීමට සිදුවන බවය.