උඩරට දුම්රිය මාර්ගයේ රූපගත කළ ඉන්දීය චිත්‍රපටය: Singham Again

ඉන්දියානු චිත්‍රපටයක රූපගත කිරීම් නිසා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර අතර කොටසක් වසා දැමීම පසුගිය දිනවල ලොකු කතාබහකට හේතුවක් වුණා.

මාධ්‍ය වාර්තාවල දැක්වුණු ආකාරයට මේ අන්දමින් රූපගත කර තිබුණේ ළඟදීම තිරගත වීමට නියමිත Singham Again නැමැති බොලිවුඩ් චිත්‍රපටයේ දර්ශණ කිහිපයක්. මෙවැනි චිත්‍රපට ලංකාවේ රූපගත කිරීම තුළින් මෙරට සංචාරක කර්මාන්තයටත්, සිනමා කර්මාන්තයටත් යම් තල්ලුවක් ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙනවා. නමුත් මගීන් අපහසුතාවට පත් කරමින් දුම්රිය මාර්ගය වසා දැමීම ගැන ඇතැමුන්ට කේන්ති ගොස් තිබූ ආකාරයත් දැකගන්නට ලැබුණා. මෙම චිත්‍රපට රූගත කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් වාර්තා වුණා.

ඇල්ල – දෙමෝදර යා කරන ආරුක්කු 9 පාලම

Singham Again චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමා ලෝලීන් බොහෝ බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක්. එයට එක් හේතුවක් නම් බොලිවුඩයේ සුපිරි මට්ටමේ තරු රැසක් මෙයට රංගනයෙන් දායක වීමයි. මෙහි ප්‍රධානම චරිතය රඟපාන්නේ අජේ දේව්ගන්. ඊට අමතරව ආක්ෂේ කුමාර්, රන්වීර් සිං, කරීනා කපූර්, දීපිකා පාදුකෝන්, ටයිගර් ෂ්රොෆ්. ජැකී ෂ්රොෆ්. අර්ජුන් කපූර් වැනි ජනප්‍රිය නළු නිළියන් මෙහි රඟපානවා. මෙම සිනමා නිර්මාණයේ දැවැන්ත බව එයින්ම සිතාගත හැකියි. මෙය නිශ්පාදනය කිරීම සඳහා දරණ වියදම ඉන්දියානු රුපියල් කෝටි 350 කට ආසන්න බවත් වාර්තා වෙනවා. එය ලංකා රුපියල් කෝටි 1200 කට ආසන්න වියදමක්.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ලබන නොවැම්බර් 1 වැනි දින Singham Again ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. උද්වේගකර ජවනිකාවලින් සමන්විත Singham Again ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වනු ඇති බවට මේ වනවිටත් පෙරනිමිති පළ වී තිබෙනවා. මෙයට දින කිහිපයකට පෙර මෙහි පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් වී තිබූ අතර එයටත් විශාල ප්‍රේක්‍ෂක, විචාරක ආකර්ශණයක් හිමිව තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා (10) වනවිට යූටියුබ් හි නැරඹුම් මිලියන 38 කට ආසන්න සංඛ්‍යාවක් එයට හිමිව තිබෙනු දැකිය හැකි වුණා.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ලබන නොවැම්බර් 1 වැනි දින Singham Again ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. උද්වේගකර ජවනිකාවලින් සමන්විත Singham Again ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වනු ඇති බවට මේ වනවිටත් පෙරනිමිති පළ වී තිබෙනවා. මෙයට දින කිහිපයකට පෙර මෙහි පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් වී තිබූ අතර එයටත් විශාල ප්‍රේක්‍ෂක, විචාරක ආකර්ශණයක් හිමිව තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා (10) වනවිට යූටියුබ් හි නැරඹුම් මිලියන 38 කට ආසන්න සංඛ්‍යාවක් එයට හිමිව තිබෙනු දැකිය හැකි වුණා.

දෙමෝදර රූගත කීරීම්

මෙහි අජේ දේව්ගන් රඟපාන්නේ බජිරාඕ සිංහම් නැමැති චරිතයක්. ඔහු ඉන්දීය පොලිසියේ ඉහළ නිලයක් දරණ කෙනෙක්. කිසියම් ත්‍රස්තවාදියකු ඔහුගේ බිරිඳ වන අව්නි පැහැර ගෙන යාමත්, සිංහම් ඇතුළු ඔහුගේ කණ්ඩායම ඇය බේරා ගැනීමත් පිලිබඳ කතාවක් මෙම චිත්‍රපටයට පසුබිම් වන බව පැවසෙනවා. අව්නිගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය නිළි කරීනා කපූර්.

අව්නි පැහැරගෙන යන ත්‍රස්තවාදී දුෂ්ටයාට දී ඇති නමත් හරි විශේෂයි. ඔහු හඳුන්වා ඇත්තේ ‘ඩේන්ජර් ලංකා’ (Danger Lanka) යනුවෙන්. දුෂ්ටයාට අපේ රටේ නම දුන්නේ මන්ද යන්න ලංකාවේ ප්‍රේක්‍ෂකයන් තුළ කුතුහලයක් ඇති කරනු නිසැකයි.

Singham Again හි කතාව වර්තමානයේ කතාවක් වුවත් එය ඉදිරිපත් කරන්නේ සුප්‍රකට රාම රාවණ කතාව ද ඇසුරු කරගනිමින් බවයි පැවසෙන්නේ. අජේ ගේ චරිතය රාම කුමරුගේ චරිතයට සමාන්තර ආකාරයෙන් ගොඩ නගා ඇති බව සඳහන්. එහෙම නම් ඔහුගේ බිරිඳ පැහැර ගන්නා දුෂ්ටයාගේ චරිතය ලංකාවේ රාවණ රජු ගේ චරිතයට සමාන්තරව ගොඩ නගා තිබෙනවා විය හැකියි. චිත්‍රපටයේ දුෂ්ටයාට ඩේන්ජර් ලංකා යනුවෙන් නම් තබා ඇත්තේ ඒ නිසා වන්නට පිලිවන්. කෙසේ වෙතත්, මේ ගැන හරියටම දැනගත හැකි වන්නේ Singham Again තිරගත වන්නට පටන් ගත් පසුව යි.

දෙමෝදර රූගත කීරීම්

මෙය චිත්‍රපට මාලාවක තුන්වැනි චිත්‍රපටය යි. මෙහි පළමු චිත්‍රපටය වූයේ 2011 වසරේ තිරගත වූ Singham. එය නිර්මාණය කෙරුණේ දෙමළ චිත්‍රපටයක් ආශ්‍රයෙනු යි. එම දෙමළ චිත්‍රපටයේ නමත් ‘සිංහම්’. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන්නේ දෙමළ සිනමාවේ සුප්‍රකට නළු සූරියා. අනුෂ්කා ෂෙට්ටි සහ ප්‍රකාශ් ජා යන ජනප්‍රිය නළු නිළියන් ද මෙහි රඟපෑවා. 2010 වසරේ තිරගත වූ මෙම දෙමළ චිත්‍රපටයත් ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා.

එය ඇසුරෙන් බොලිවුඩයේ තැනුණු Singham ද ඉතා ඉහළ ආදායම් උපයන්නට සමත් වූ අතර එහි අජේ දේව්ගන් රඟ පෑ චරිතයත් ප්‍රේක්‍ෂකයන්ගේ සුපිරි වීරයකු බවට පත් වුණා.

මෙම චිත්‍රපට මාලාවේ දෙවැන්න 2014 වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණි Singham Returns චිත්‍රපටය යි. මෙහි ද ප්‍රධාන කාන්තා චරිතය රඟ පෑවේ කරීනා කපූර්. මේ චිත්‍රපට මාලාවේ චිත්‍රපට තුනම අධ්‍යක්‍ෂණය කරන ලද්දේ බොලිවුඩයේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන රෝහිත් ෂෙට්ටි විසිනු යි. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’, ‘සූර්යවංශි’ වැනි චිත්‍රපටත් බෙහෙවින් කතාබහට ලක් වූ බව රහසක් නොවෙයි.

ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයක රූගත කරන ලද දර්ශණ Singham Again චිත්‍රපටයේ දැකිය හැකි බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්. කොළඹ නෙළුම් කුළුණ, ගාලු මුවදොර, ෂැන්ග්‍රි ලා හෝටලය, නුවර එළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල යන ස්ථානවල රූගත කෙරුණු දර්ශණ එහි දැකිය හැකි බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයක රූගත කරන ලද දර්ශණ Singham Again චිත්‍රපටයේ දැකිය හැකි බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්. කොළඹ නෙළුම් කුළුණ, ගාලු මුවදොර, ෂැන්ග්‍රි ලා හෝටලය, නුවර එළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල යන ස්ථානවල රූගත කෙරුණු දර්ශණ එහි දැකිය හැකි බවයි පැවසෙන්නේ.

මෙම චිත්‍රපටයේ වැඩි හරියක් කැමරාවට නගන ලද්දේ ඉන්දියාවේ හයිද්‍රාබාද්, මුම්බායි, කාශ්මීර් යන ස්ථානවල යි. මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ වී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ.

Singham Again මුලින් තිරගත කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේ වුවත් චිත්‍රපටයේ වැඩ අවසන් නොවීම නිසා එම දිනය කල් දැමීමට නිශ්පාදකවරුන්ට සිදු වුණා.

චිත්‍රපටයේ ප්‍රචාරක පටය

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර