උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ අතුරින් වැඩිම පිරිස ගෘහස්ථ අනතුරු මුල් කොට රෝහල් ගත වන බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසයි. මේ අතර මෙවන් අනතුරු සඳහා අනවශ්‍ය කලබලකාරීත්වයකට සහ නොසැලකිලිමත් කමකට යොමු කෙරෙන කාන්සාව වැනි අයහපත් මානසික තත්වයන් ඉවහල් වන බව විශේෂඥ මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දී තිබේ.ඒ අනුව උත්සව සමයේ ගෘහස්ථ සේම මාර්ගස්ථ අනතුරු අවම කර ගැනීම සඳහා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.