උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50ක් ධාවනයට එක් කර ඇති බවයි.

එසේම අධිවේගී මාර්ගයේ ධාවනවන බස් රථ ප්‍රමාණයද වැඩි කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි.

මේ අතර උත්සව සමයේ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි එන් ජේ ඉඳිපොළගේ මහතා පවසනලදි.

කාලීන පුවත්