කොළඹ කුරුණෑගල හලාවත යන පොල් ත්‍රිකෝණයට අමතර ව උතුරු පළාතේ යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් තවත් පොල් ත්‍රිකෝණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම දෙවන පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා කීය.