උද්ධමනය පහළ බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.මාර්තු මාසයේ දී සියයට 50.3ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 30.6ක් දක්වා අඩුවී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ සියයට 51.7ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 37.6ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්