උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබේ.

සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් විභා­ගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අය­දු­ම්ක­රු­වන් බවත් 79,793 පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර විභාග ශාලා තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­සර හිමි වන්නේ විභාග ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණක් වන අතර සහ­කාර විදු­හ­ල්ප­ති­ව­රුන්ට හෝ කාර්ය මණ්ඩ­ල­යට විභාග මධ්‍ය­ස්ථාන තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­ස්ථාව නොලැ­බෙන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පවසයි.

කාලීන පුවත්