ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි.
අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත්, දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැනගන්නට ලැබේ.
විදුහල්පතිවරයා පෙන්වා දෙන්නේ, ඉන් 114 විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් තමන්ට සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබූ බවයි වාර්තා වෙයි.