මේ දිනවල පවත්නා සූකර උණ මත පදනම් ව ඌරු මස් සඳහා පනවා ඇති තහනම මුල් කොට මුවා වී ළඟ එන උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.දැනටමත් කුකුළු මස් මිල රුපියල් දහසේ සිට ක්රමක් ක්රමයෙන් ඉහළ දමා ඇති බව පාරිභෝගිකයෝ පවසති.මේ වන විටත් ඇතැම් කුකුළු ගොවිපළ හිමියන් ඉහළ මිලක් යටතේ නිකුත් කිරීම සඳහා කුකුළු මස් ශීතකරණවල ගබඩාකර තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කරයි.එබැවින් සූකර උණ මත පදනම් ව කුකුළු මස් මිල ඉහළ දමා පාරිභෝගිකයන් ගසා කෑම නතර කිරීමට ගත යුතු ක්රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද (01) කුකුල් ගොවිපළ සංගම් නියෝජිතයන් පිරිසක් පාරිභෝගික අධිකාරියට කැඳවන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසා තිබේ.