ඌව වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් සිංගප්පූරුවේ බහුජාතික සමාගමට

ඌව වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් රජය විසින් සිංගප්පූරුවේ බහුජාතික සමාගමට පැවරීමට එරෙහිව මහා සංඝරත්නය,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පරිසරවේදීන් පිරිසක් ඊයේ(06) නිල්ගල ආදිවාසී නායකයා ඇතුලු පිරිසක් සමඟ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරන ලදි. මෙහිදී යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් විනාශයට ලක්වන ඝන කෑලෑ, දිය උල්පත්, වැව්, පුරාවිද්‍යා ස්ථාන, ජනාවාස, වගාබිම් යනාදිය මෙම විද්වත් පිරිසගේ අවධානයට ලක්විය. රටේ සරු බිම් විදේශ සමාගම්වලට පවරා රට නැවත කොලනියක් කිරීමේ මේ නිර්ලජ්ජිත ක්‍රියාවට අගුලු දැමීමට එරෙහිව රටේ ප්‍රගතිශීලී ජනතාව වහා පෙලගැසිය යුතුව ඇතැයි “විනිවිද” වෙත විශේෂ ප්‍රකාශයක් කළ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

කාලීන පුවත්