එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව නූතන මානවයා බිහි වීමට පෙර ද පෘථිවිය කෙරෙහි ග්‍රහ බලපෑම් එල්ල වන්නට ඇති බව තාර්කික හා සිද්ධාන්තමය සත්‍යයකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් මිනිසාගේ අවධානය යොමු වන ලද්දේ මානව බුද්ධි පරිණාමයත් සමගිනි.
නමුත් අප ජන සමාජය සම්බන්ධයෙන් කරුණු විමසා බලන විට ග්‍රහ අපල ආදී වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයන් යනුවෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා ඇලීම් බැඳීම් බෙහෙවින් උග්‍ර මට්ටමක පැවැතීම ය. නොඑසේ නම් අතීතයට සාපේක්ෂව මිනිසා තුළ පවත්නා ලෞකික අරමුණු සහ අපේක්ෂාවන් අසීමාන්තික ලෙස ඉහළ නැංවීම මුල් කොට ඒ සම්බන්ධයෙන් එල්ල වන බාධාවන් කෙරෙහි මිනිසා දැඩි අවධානයකින් පසු වීම ය.
ජනතාවට අතිශයින් සහනශීලී හිතදායක උපදේශනාත්මක විෂය පථයක් වන ජ්‍යොතිර්වේදය මිනිසුන් ගේ ලොමු දැහැගන්වන බියකරු විෂයයක්ය යන පරම මිථ්‍යාව සමාජයේ පැතිර ගොස් තිබේ.ඔවුන් ගේ එම සමාජමය ආක්රමණයත් සමඟ සිද්ධාන්තමය පදනමක් සහිතව ජ්‍යොතිෂමය කටයුතු වල නියැලී සිටි ප්‍රවීණයන් යම් ප්‍රමාණයක් එම ක්ෂේත්රයෙන් ඉවත් වූ බව ද නොරහසකි.තම සේවා ලාභීන් ජ්‍යොතීර්වේදය පිලිබඳ මිථ්‍යා මත වලින් තම හිස් කුරුවළු කරගෙන හිඳීම ඊට හේතුව ය.
ඒ සම්බන්ධයෙන් බලපාන දෙවනි කරුණ ලෙස අප දකිනුයේ පසුගිය කාලයේ ජනකාන්ත ජ්‍යොතිර්වේදීන් වශයෙන් සමාජයේ ඉස්මතු වූ කිහිප දෙනා ජ්‍යොතිර්වේදය පිළිබඳ සිද්ධාන්තමය තත්ත්වයන් පිළිබඳ කිසිත් නොදැන ජ්‍යොතිෂය පිළිබඳ දුර්මත වලින් සමාජය නොමග යැවීම ය. එනිසා ජනතාවට අතිශයින් සහනශීලී හිතදායක උපදේශනාත්මක විෂය පථයක් වන ජ්‍යොතිර්වේදය මිනිසුන් ගේ ලොමු දැහැගන්වන බියකරු විෂයයක්ය යන පරම මිථ්‍යාව සමාජයේ පැතිර ගොස් තිබේ.ඔවුන් ගේ එම සමාජමය ආක්රමණයත් සමඟ සිද්ධාන්තමය පදනමක් සහිතව ජ්‍යොතිෂමය කටයුතු වල නියැලී සිටි ප්‍රවීණයන් යම් ප්‍රමාණයක් එම ක්ෂේත්රයෙන් ඉවත් වූ බව ද නොරහසකි.තම සේවා ලාභීන් ජ්‍යොතීර්වේදය පිලිබඳ මිථ්‍යා මත වලින් තම හිස් කුරුවළු කරගෙන හිඳීම ඊට හේතුව ය.
ග්‍රහ අපල යනු ජ්‍යොතිර්වේදයේ නිරතුරුව දැක්විය හැකි තත්වයකි. ලොව පවතින නියාමයන් අනුව මිනිසුන් හට මුහුණ පෑමට සිදුවන අටලෝ දහම ග්‍රහ අපල වලින් දර්ශනය වන බව අතීතයේ සාමාන්‍ය ජනතාව අතර පැවැති ප්‍රසිද්ධ මතයකි. ඒ අනුව අතීත ජනයා එම ග්‍රහ අපල කෙරෙහි ද යම් මැදිහත් සහනශීලී බවකින් බැලීමට පුරුදු පුහුණු වූ බව රහසක් නොවේ.
පුද්ගල වශයෙන් මිනිසා වෙත එල්ල වන ග්‍රහ අපල ඊට අදාල ග්‍රහචාරය අනුව සෑම අයකුට එක ලෙසින් එකසේ බලපාන බව පොදු ජනතාව අතර තිබෙන මිථ්‍යා විශ්වාසය කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැතිව ජ්‍යොතිර්වේදීන් වශයෙන් සමාජයේ ඉස්මතු වූ පිරිස් විසින් ජන ගත කරන ලද්දකි. එහෙත්, එය එසේ නොවන බව වටහා දෙන හා එසේ වටහා දීමට තරම් දැනුමක් අවබෝධයක් ඇති ජ්‍යොතිර්වේදීන් අප සමාජයේ වෙත් නම් ඒ ඉතා සුළු පිරිසක් බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය.ඔබගේ ජන්ම පත්‍රයේ පවත්නා ග්‍රහමය තත්ත්වයන් මත ඔබට අත් විය හැකි බව පැවසෙන ප්‍රතිඵලය ද විවිධ හේතු සාධක මත විෂම හා විවිධාකාර විය හැකි බව ජ්‍යොතිර්වේදයේ මූලික සෛද්ධාන්තික ඉගැන්වීමකි. නිදසුනක් ලෙස යමකුගේ ජන්ම පත්‍රය පෙන්නුම් කරන මාරක නමින් හැඳින්වෙන තත්ත්වය මත අයකුට මරණය උදා කළ හැකි අතර තවත් අයකුට විවිධ රෝගාබාධ ධන හානි රැකියා අදායම් අහිමි වීම පවුල් විවාහ සබඳතා බිඳ වැටීම අධ්‍යාපනය අඩාල වීම ආදී විවිධ අයුරින් බලපෑ හැකිය.
නමුත් එහි විශේෂයෙන්ම කිව යුත්තේ එම මාරක යෝග එළැඹි අවස්ථාවන්හි දී සිරුරේ රෝම කූපයකටවත් නොදැනුණු පුද්ගලයන් කොතෙකුත් අප සමාජයේ හිඳීම ය.
මේ සම්බන්ධයෙන් බොහෝ ජ්‍යොතිර්වේදීන්ට ප්‍රායෝගිකව කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාවන් ද කොතෙකුත් උදා වේ. ඒ බොහෝ විට වියපත් පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාවන් වලදී ඒවායේ කල් ඉකුත් වී ගිය මාරකයන් සහිත ග්‍රහයෝග වරින් වර හමු වීමෙනි. නමුදු සමහරකු ඒ බව හාංකවිසියක්වත් දැන නොසිටි බව ඔවුන් හා කරන කතා බහේ දී ජ්‍යොතිර්වේදියාට වටහා ගත හැක. එහි දී අසවල් කාලසීමාව ඔබට ගත වුණේ කෙසේද? යන්න ජ්‍යොතිර්වේදීන් නගන ප්‍රශ්නවලට ඇතැමෙකු සුළු සුළු කරදර තිබුණා. ඒ කාලේ නම් බොහොම හොඳට ගත වුණා. ආදී විවිධාකාර අයුරින් පිළිතුරු දෙන අවස්ථා තිබේ.
ඉපැරණි ජ්‍යොතිෂමය සිද්ධාන්තවලට අනුව නවග්‍රහ ක්‍රියාකාරීත්වය නම් වන විශ්වීය ශක්තිය යම් පුද්ගලයකු කෙරෙහි අහිත සහ අවැඩ පිණිස බලාත්මක වනුයේ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය දුබල වන ආකාරයට සාපේක්ෂව ය. සුවිසල් කුසල ශක්තියක්, පුණ්‍ය බලයක් සේම සුවිශේෂ චිත්ත සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තවුන් කෙරෙහි එම නවග්‍රහ ක්‍රියාකාරීත්වය ප්‍රබල ලෙස බලනොපාන අතර ඇතැම් විට එය ශූන්‍ය වී යයි. එය හරියට වෙඩි නොවදින කබායක් හැඳ සිටින තැනැත්තා වෙඩි පහරකට ලක් නොවන්නාක් මෙනි.මෑත භාගයේ අප රටේ පහළ වූ දාර්ශනික ගණයේ විශිෂ්ඨතම ජ්‍යොතිර්වේදියකු වූ බණ්ඩාරවෙල එස්.ඩබ්ලිව් කස්තුරිරත්න ඇදුරු තුමන් ආදීන් විසින් දල්වන ලද ජ්‍යොතීර්වේදය සම්බන්ධ මෙම ප්‍රඥා පදීපය යළි දල්වාලිය යුතු කාලය දැන් එළඹ තිබේ.ශ්‍රී ලාංකේය ජ්‍යොතීර්වේදය සම්බන්ධ පුනරුදයක් අපේක්ෂා කළ හැක්කේ එමඟින් පමණි.
මාරක ඇතුළු විවිධ ග්‍රහ අපල මෙසේ පුද්ගලයන් එකි`නෙකා කෙරෙහි වෙනස් අයුරින් බලපැමට හේතු මොනවාද ඉන් ප්‍රධානතම හේතුව වනුයේ ඔවුන් තුළ පවත්නා සාංසාරික කුසල් හා කුශල ශක්ති මහිමයයි. දෙවනුව ඔවුන් තුළ පවත්නා දැඩි චිත්ත සහ අධිෂ්ඨාන ශක්තියයි.
ග්‍රහ බලපෑම් යනු පුද්ගලයකුගේ ජීවිත හසුරුවන පරම ශක්තිය, බලවේගය නොවේ. ග්‍රහ බලපෑම් යනු පුද්ගලයකුගේ ජීවිත හසුරුවන පරම ශක්තිය ලෙස පවසන්නෝ එක්කෝ ජ්‍යොතිෂය සම්බන්ධ හයක් හතරක් නොදත් නූගත්තු ය. නැතහොත් ජ්‍යොතිෂය ජාවාරමක් කරගත් කපටි කයිරාටිකයින් ය.
ඉපැරණි ජ්‍යොතිෂමය සිද්ධාන්තවලට අනුව නවග්‍රහ ක්‍රියාකාරීත්වය නම් වන විශ්වීය ශක්තිය යම් පුද්ගලයකු කෙරෙහි අහිත සහ අවැඩ පිණිස බලාත්මක වනුයේ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය දුබල වන ආකාරයට සාපේක්ෂව ය. සුවිසල් කුසල ශක්තියක්, පුණ්‍ය බලයක් සේම සුවිශේෂ චිත්ත සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තවුන් කෙරෙහි එම නවග්‍රහ ක්‍රියාකාරීත්වය ප්‍රබල ලෙස බලනොපාන අතර ඇතැම් විට එය ශූන්‍ය වී යයි. එය හරියට වෙඩි නොවදින කබායක් හැඳ සිටින තැනැත්තා වෙඩි පහරකට ලක් නොවන්නාක් මෙනි.මෑත භාගයේ අප රටේ පහළ වූ දාර්ශනික ගණයේ විශිෂ්ඨතම ජ්‍යොතිර්වේදියකු වූ බණ්ඩාරවෙල එස්.ඩබ්ලිව් කස්තුරිරත්න ඇදුරු තුමන් ආදීන් විසින් දල්වන ලද ජ්‍යොතීර්වේදය සම්බන්ධ මෙම ප්‍රඥා පදීපය යළි දල්වාලිය යුතු කාලය දැන් එළඹ තිබේ.ශ්‍රී ලාංකේය ජ්‍යොතීර්වේදය සම්බන්ධ පුනරුදයක් අපේක්ෂා කළ හැක්කේ එමඟින් පමණි.
හේම ශ්‍රී අමරසිංහ