එන්නත් සම්පූර්ණ කළත් රැජිනටත් කොවිඩ්

එංගලන්තයේ එලිසබෙත් මහ රැජින කොවිඩ් ධනාත්මක බවට පරීක්‍ෂණ මඟින් තහවුරු වී ඇති බව බකිංහැම් මාලිගය ප්‍රකාශ කරයි.බීබීසී රාජකීය වාර්තාකරු නිකලස් විචෙල් පැවසුවේ රැජින සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව නියත වශයෙන්ම විශ්වාස කළ හැකි බවයි.95 හැවිරිදි රැජින පසුගිය සතියේ කොවිඩ් ධනාත්මක බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ ඇගේ වැඩිමහල් පුත්‍රයා සහ උරුමක්කාරයා වන වේල්ස් කුමරු සමඟ සමීපව ඇසුරු කොට ඇති බව තහවුරු වී තිබේ. පවත්වා ඇත.”ඇය දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබනු ඇති අතර සුදුසු සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත,”බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඇය සුළු රෝග ලක්ෂණ පළ කරන නමුත් ඉදිරි සතිය තුළ වින්ඩ්සර් හි සැහැල්ලු රාජකාරි දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව ද මාලිගය පවසයි.

කාලීන පුවත්