වසර විසි තුනක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් ද දැරූ එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලය පක්ෂය සමඟ එක්ව ඇති අතර එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් සාමාජිකත්වය ලබාගෙන ඇත. ඒ සමඟම හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කර තිබෙන බවද වාර්තා වෙයි. එස් . එම් , චන්ද්‍රසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ 2001 වසරේ සිට 2024 දක්වා ය. කෙසේ වුවත් ඔහු පසුගිය ජනාධිපතිවරනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වූ අතර පසුව පැවති මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) ට එක්ව කටයුතු කළේය .