එස්.බී,දිලුම් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන්වලට

කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී හිඳින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාට ලබන 08 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් පැනවීමට කටයුතු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ සමඟම ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධූරය හිමි වු දිලුම් අමුණුගම මහතාට ද පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ යාබද අසුන ලබාදීමට සැළසුම් කර තිබේ.

නමුදු එස්.බී දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය පදවියක් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකුම දැඩි විරෝධය පළ කොට ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්