එළවළු පිටරටින් ගේන කතාව අමූලික බොරුවක්

මෙරටට එළවළු පිටරටින් ගේනවා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඒ සම්බන්ධ සත්‍යය වනුයේ මෙරට එළවළු විදේශයන් වෙත අපනයනය කිරීම බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.ඇමැතිවරයා මේ බව සඳහන් කළේමන්ත්‍රී නිමල් පියතිස්ස මහතා දේශීය අර්තාපල් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “කතාවක් තියනවා අපි එළවළුත් පිටරටින් ගේනවා කියලා. බතල, කිරිඅල, මඤ්ඤොක්කා වගේ දේවලුත් ගේනවා කියලා. ඒත් ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි කිසිම එළවළුවක් රටින් ගේන්නේ නෑ. අපේ එළවළු අපි රට යවනවා මිසක්. අපේ සමාගම් තිබෙනවා ඒවායින් යවනවා. නමුත් අර්තාපල් සහ බී ලූනු පමණක් පිටරටින් ගෙන්වනවා” යනුවෙන් ඇමති වරයා කීය..

කාලීන පුවත්