ඒකාබද්ධ වැඩපිළිවෙලක් හරහා අලි දුම්රියේ ගැටීමට විසදුමක් දෙන්න – විපක්ෂ නායක කියයි!

ලෝකයේ වන අලි දුම්රියේ ගැටීම වැලැක්විමට සාර්ථක වැඩපිළිවෙල් රැසක් ක්‍රියාත්මක බවත් ඉන්දිය දුම්රිය සේවය පවා වනජීවි එක සමග එක්ව ‘කවක්’ නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් මෙහි දී උෂ්ණත්ව කැමරා ආදිය භාවිත කරන නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම කෙන්යාව වැනි රටවල කනු උඩ යන දුම්රිය මාර්ග සහ උමං දුම්රිය මාර්ග පද්ධති භාවිත වන බවත් ඊට අමතරව මීමැසි ගහනය වැඩිකිරීම හරහා ද මෙම අනතුරු අවම කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් දේශපාලන අධිකාරියේ ද අදහස් ලබා දෙන වනජීවී අමාත්‍යාංශයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් කරා යන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කලේය.

කාලීන පුවත්