ඔමික්‍රෝන් ආසාදිතයන් රට පුරා විසිරී සිටිය හැකියි

ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම විසිරී සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.මේ අතර තවත් සති දෙකක කාලයක් ඇතුළත මෙරට ප්‍රධාන කොරෝනා ප‍්‍රභේදය බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ද සඳහන් කරයි.ඔමික්‍රෝන් ප‍්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තුන් ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බව පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර දැනටමත් මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් 48 දෙනෙකු හඳුනාගෙන ඇත.මේ වන විට කොවිඩ් 19 වැළඳීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15009 බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

කාලීන පුවත්